VOC Coins (ලන්දේසි යුගයේදී භාවිතා කළ කාසි)


VOC කාසිවල ඉතිහාසය 

ලන්දේසි යුගයේදී භාවිතා කළ කාසි

පතාග (Rix Dollar)දොයිතු (Duits)
ඕලන්ද සීලන්ත (Zeelandia) පළාතේ කාසිහොලැන්ඩියාවේ කාසි (Holandia) 
යුට්රැච්ට් (Utrecht) පළාතේ කාසිබටහිර ප්‍රිස්ලන්තයේ කාසි (West freaseland)
ජෙල්ඩර්ලන්තයේ කාසි (Guilderland) තුට්ටු (Stuivers)

ලන්දේසි යුගය (1658–1796)

ක්‍රි.ව. 1658 ලන්දේසින් විසින් පෘතුගීසින් පලවා හැර ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සිය පාලනයට නතු කරගන්නා ලදී. ප්‍රථමයෙන්ම මඩකලපුව ද (1638), දෙවනුව ගාල්ල ද (1640), 1656 දී කොළඹ හා අවසානයේ යාපනයද (1658) ඔවුන් විසින් සිය පාලනයට නතු කරගන්නා ලදී. 1638 දී මඩකලපුවෙහි පෘතුගීසි කොටුව යටත් කරගැනීමෙන් පසු ලන්දේසින් දෙවන රාජසිංහ රජු (1635 – 1687) සමඟ ගිවිසුමක් ඇතිකර ගෙන ඇත. එහි 14 වැනි වගන්තියේ මුදල් භාවිතය පිළිබඳ රෙගුලාසි රැසක් ඇතුළත් විය. ඒ අනුව රජතුමා විසින් හෝ ඕලන්ද ආණ්ඩුව විසින් හෝ පත් නොකළ කිසිදු අයකුට කාසි අච්චු ගැසීම, සෑදීම, ප්‍රචාරය කිරීම හෝ කාසි අනුව බාල කාසි සෑදීම හෝ සංසරණයට මුදා හැරීම තහනම් කර ඇත.

 

දොයිතු

එකල ගනුදෙනුවල දී වැඩිපුර භාවිතා කළේ දොයිතු (Duits) කාසි යි. මේවා ඉතා කුඩා තඹ කාසි විශේෂයක්. එමනිසා ගනුදෙනුවල දී මෙම කුඩා තඹ කාසි විශාල ප්‍රමාණයක් ගණන් කිරීම පහසුවුණේ නැහැ. එකී අපහසුවෙන් අත් මිදීමට 1737 දී පමණ එවකට භාවිතයට ගැනුනු දොයිතු කාසි 8, 16, 24 බැගින් අමුණා කාසි වැල් ලෙස වටිනාකම තුට්ටු 2, 4, 6 ලෙස ගනුදෙනු සඳහා භාවිතා කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහෙත් මෙම පියවර අපේක්ෂා කළ තරම් සාර්ථක වුනේ නැහැ. 18 වන ශත වර්ෂයේ ලන්දේසීන් ඔවුන්ගේ තුට්ටු කාසි ලංකාවේ අච්චු ගැසීමට පටන්ගෙන තිබෙනවා. ලන්දේසීන් ලංකාවේ කාසි අච්චු ගැසූ පළමු වැනි කාර්යාලය 1781 දී පිහිටෙව්වේ කොළඹ කයිමන් දොරකඩ අසලයි.

මෙම කාසි වලට අමතරව රික්ස් ඩොලර් ද මේ කාලයේ ලංකාවේ භාවිතයේ පැවති ලන්දේසි කාසි විශේෂයක්. එය සිංහලෙන් හැඳින්වූයේ පතාග නමින්. මෙය රිදී කාසි විශේෂයක්.

රුපියලේ රිදී කාසියද ලන්දේසීන් විසින් අප රටට හඳුන්වා දුන්නා. එය 1781 දී සහ 1786 දී අච්චු ගසා තිබෙනවා. කාසියේ මුහුණත කොළඹ ඕලන්ද සමාගමේ කාසිය යන්නත් පසුපස ලංකා දිවයිනේ මුදල් යන්නත් අරාබි බසින් සඳහන්. කාසියේ අනෙක් පස නිකුත් කළ වර්ෂය සඳහන්.

C දොයිතුව

හොලන්ඩියා දොයිතු 1/2

යුට්‍රෙච් දොයිතු 1/2

හොලන්ඩියා දොයිතුව

C දොයිතු 1/4

T දොයිතුව

යුට්‍රෙච් දොයිතුව

වෙස්ට් ෆ්‍රිස්ලන්ඩ් දොයිතුව

සීලන්ඩියා දොයිතුව

ඩියුකටූන්

බතාවියන් කාසිය

ලංකා තුට්ටු 1

ලංකා තුට්ටු 2

ලංකා තුට්ටු 3

Comments

Popular posts from this blog

යූ ටියුබ් හරහා අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම

සිංහලේ රාජාවලිය