ශ්‍රී ලංකාවේ පුරාවස්තු සංරක්‍ෂණය කිරීමත් ඒ පිළිබඳ ජනතාැවට අවබෝධයක් ලබා දීමට පැවරී තිබෙන ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. වර්ෂ 190 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥාපනතින් දමම දෙපාර්තමේන්තුව නීතිගතකර ඇත. මෙහි ප්‍රධානියා වූයේ පුරාවිද්‍යා ‍කොමසාරිස්තුමාය. නමුත් වර්ෂ 1990 වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 100 පිරීම නිමිත්තෙන් පුරාවිද්‍යා කොමසාරිස් යන ධුරය පුරාවිද්‍යා අධයක්‍ෂක ජනරාල් යනුවෙන් නවනස් කරන ලදී. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු‍වේ ප්‍රධානියා හඳුන්වන්නේ පුරාවිද්‍යා අධ්‍යන්‍ෂක ජනරාල් වශයෙනි.වර්ෂ 1890 ජූලි 07 දා ආරම්භ කරන ලද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒ දිනය නිමිති කරගනිමින් ජූලි මස 07 දා සෑම වසරකදීම පුරාවිද්‍යා දිනය සමරනු ලබයි. 2007 වසර වනවිට මෙම ආයතනය ආරමිභ කර වසර 117කි. එහිදී මෙම පුරාවිද්‍යා දිනය සතියක් පුරාවට සැමරීම ලාංකිකයන් විසින් විසින් සිදුකරනු ලබයි. එහිදී මෙම ඒ ඒ වසරයන්හිදි විවිධ තේමාවන් යටතේ මෙය සමරනු ලබයි.





 
ශ්‍රී ලාංකාෙව් පුරාවස්තු වර්ග

ශ්‍රී ලංකාවේ ලොව ‍ශ්‍රේෂ්ඨ යැයි පිළිගැනෙන පුරාවස්තූන් ලෙස කලකන්නාවූ පුරාවස්තූන් රැසක් ඇත. ලෝකය මවිත කරවන තරමේ විශිෂ්ට තාක්‍ෂණයෙන් යුතු පුරාවස්තුන් ද මේ අතර වේ. වාරි පද්ධතියකින් හා සෞන්දර්ය රසිකත්වය තියුණු කරවන විශිෂ්ට කලාවක් ආගමික ශික්‍ෂනයෙන් යුතු සෞභාග්‍යමත් සමාජයක් අතීතනේ උරුමකරගත් ශ්‍රී ලාංකිකයන් තරම් ජනතාවක් ලොව නොමැති තරම්ය. මෙලෙස ලාංකික‍ උරුමයන් අපට කෙ‍ාටස් 04 ‍යටතේ වර්ගීකරණය කළ හැකිය.

ශිලා ලේඛන

යමෙකුට අදහස් ප්‍රකාශ කිරීමට ඇති එක් මාර්ගයක් ලේඛන කලාව. මෙම ශිලා ලේඛනයන් ද පිහිටි ස්ථානය අනුව ලෙන් ලිපි, ටැම් ලිපි, ගිරි ලිපි, පුවරු ලිපි, ලෙසයි. මෙම සෙල්ලිපි මහින්දාගමනයෙන් පසු අක්‍ෂර මාලාවක් ලැබීමෙන් පසු ලියවුණු ඒවාය. ‍මේවා කොටා ඇත්තේ ලංකාවේ පැරණිතම අක්‍ෂර මාලාව වන බ්‍රාහ්මී අක්‍ෂර වලිනි. මේවායින් පැරණි ජන සමාජයන්හි තොරතුරු හෙළිදරව් වන අතර වෙස්සලිරිය, රිටිගල, දඹුල්ල, සිතුල් පව්ව, රජගල, සහ තවත් ප්‍රදේශ වලින් හමුවී තිබේ.

වාරි නිර්මිත

වාරි කර්මාන්තය මුල් තැනක් ගනී.මෙපලස නිර්මිත වැව් හා ජලාශ 34,000 කට වඩා අධික ප්‍රමාණයක් වන අතර තිසා වැව,පදවිය,පරාක්‍රම සමුද්‍රය හ‍ා කලා වැව නිදසුන් වේ. බිසෝ කොටුවද ඒහා සමානවම වැදගත් වේ.

වාස්තු විද්‍යාව

විශිෂ්ට තාක්‍ෂණයෙන් ද කලාත්මක භාවයෙන්ද යුත් අතීත උරුමයන් අතර බොහොමයක් වාස්තු විද්‍යාවට අයත් වේ. මැටි, දැව වැඩි කාලයක් නොපවතින ද්‍රව්‍ය වලින් අරම්භ කළ ගොඩනැගිලි තැනීමේ කලාව හා තාක්‍ෂණය වර්ධනය විය.මෙයට යාපහුව පර්වත මස්තකයෙන් සොයාගත් කාල රක්ත වර්ණ මැටි බඳුන මීට නිදසුනකි. ලොව විශාලම ගඩොලු නිර්මාණය වන ජේතවනාරාම දාගැබ, කලාත්මක අංග සමුහයකගේ එකතුවක් වන සීගිරිය බලකොටුව ,මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකළ මහල් 12න් යුතු බද්ධ සීමා ප්‍රාසාදය වැනි නිර්මාණ රැසකි.

මුර්ති හා කැටයම්



ලංකාවේ ඉතා විශිෂ්ට ගණයේ මුර්ති හා කැටයම් දක්නට ලැබේ.මෙහිදී සමාධි බුද්ධ ප්‍රතිමාව මුල් තැනක් ගනී.

  • සමාධි බුදුධ ප්‍රතිමාව

අනුරාධපුර මහ මෙව්නාවේ පිහිටි අතර උස අඩි 07ක් පමණ වන අතර බුදුන්වහන්සේ සමාධි සුවයෙන් විඩසිටින විලාසයක් මුර්තිමත් වේ.අඩක් පියැවී ඇති දෙනුවන් ද මද සිනාවද නිසා පුතිමාවේ මුහුණට ලැබී ඇත්තේ සෞම්‍ය ගාම්භීර පෙනුමකි. බුදුරදුන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය ඉන් මතුවී පෙනේ. ධ්‍යාන මුද්‍රාව ද ඉන් නිරූපණය වේ.

  • අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව

"ගිරිදර ප්‍රතිමාව " නමින් හැඳින්වෙන යෝගී අව‍ලෝකිතේශ්වර ප්‍රතිමාව ගම්පහ දිස්ත්‍රික්කයේ ගිරිදර ප්‍රදේශයෙන් හමුවුවකි. හිටි පිළිම ගණයට අයත් වන අතර අත් දෙකකින් යුතුව ද දකුණත අභය මුද්‍රාව හා මදක් ඔසවන ලද වම් අතේ කටක මුද්‍රාවද නිරූපළණව වේ. යටි කවෙහි ධෝතියද ඊට යටින් අන්තරාවාසිකය ද වෙයි. පයෙහි ගොප් ඇටයට මදක් ඉහළින් අවසන් වේ. උඩු කයෙහි ද උතුරු සළුව අඟවන පටු රෙදි පටියක් වේ. උඩු කයෙහි ආභරණ කිසිවක් නොමැත.හිසෙහි ඔටුන්නක් ද වේ.

ලාංකිය කැටයම් කලාවේ විශිෂ්ටත්වය පෙන්වන ස්ථානයකි. 3වන විත්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද අතර දෙල්මඩු ආචාරීන් නම් වු තැටයම් ශිල්පියාගේ දායකත්වය ලැබී ඇත. අලංකාර දැව නිර්මාණයක් වන අතර තැටයම් කලාත්මක බවින් යුක්තය. මෙහි කණුවල පේකඩ සතරකින් යුතුවන අතර සමහර කණුවල පේකඩ 02කි. මල්ලවම‍පොරය, හංස පුට්ටුව, භේරුණ්ඩ පක්‍ෂියා , සිංහයා , ලණු ගැටය, ඇත් නග ලිහිණියා, නළඟන සහිත ලිය වැල, ඇදී අගනා කැටයම් ඇති අතර කණුවල කැටයම් 514 ක් ඇත.

  • අවුකන පිළිමය

අනුරාධපුරයේ නෑගම්පහ කොරළයේ පිහිටුවා තිබේ. ක්‍රිස්තු වර්ෂ 8 වන සිය වසට අයත් වන අතර පද්මාසනය මත නෙළා ඇති මෙය මහා පුරුෂ ලක්‍ෂණයන් විදහා පාමින් උත්තම ප්‍රඥාව මුර්තිමත් කෙ‍රේ. සමභංග (පාදයේ මහපට ඇඟිලි දෙක එක සමානව තබා ඇත.) මෙම පිළිමය හිටි පළිමයක් වන අතර උස අඩි 37.26 ක් (මීටර 11.36) වේ. සිවුර ඒකාංශ වන අතර එය තනි රැල්ලකින් යුතුවේ. ධාතුසෙන රජු දවස (ක්‍රි.ව. 459-477) කරවු කාලසේලසන්ථු පිළිම ගෙය වත්මන් අවුකන පිළිම ගෙය වේ.

උස මීටර එකක් හා පළල මීටර භාගයකින් ද යුත් පුන්කලස කැටයම් සහිත හා රහිත ලෙස නිර්මාණය කර ඇත. දිව්‍යරාජ ඔටුන්නක් හා ආභරණ ඇඳුම් ද දැනට මුරගල තුළ දර්ශනය වන කෙ‍ාටස් අතර හිස වටා ඇති වයි පෙණ රැසකි. පහළ වාමන රූප02ක්ද වේ.


චිත්‍ර කලාව

Tyr.jpg


ලාංකීය චිත්‍ර කලාව තුළ ඉපැරණි සිපතුවම් බොහොමයක් වන අතර ඉන් බොහොමයක් බෞද්ධ මුහුණුවරක් ගත් බව පෙනේ.

  • කැලණියේ පරණ විහාරයේ සිතුවම්
  • හිඳගල සිතුවම්
  • අනුරපුර යුගයේසීගිරි සිතුවම්

මීට අමතරව ප්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා යුගයේ මිනිසා සම්බන්ධ තොරතුරු රැසක්ම කුරුවිට බටදොඹ ලෙන තුළින් අනාවරණය විනි. ලෙන අභ්‍යන්තර භූමිය අක්කර 35ක් වන අතර ඉන් එකල මිනිසාගේ චර්්‍යාවන් හඳුනා ගත හැක. පාංශු ස්ථර 10ක් ඇති අතර ඉන් 04 වන ස්ථරයෙහි වසර 13,000-14,000 තරම් කාලයට අයත් බැව් පෙනේ. මින් කැකුණ ඇට ද ඔළු මුවන් දඩු ලේනුන් , වළි කුකුළන් හා වඳුරු වර්ග ආදී සතුන් පිළිබඳ සාධක ද ලැබී ඇත. 1982 දී කළ කැණීමකදී ව්‍යාග්‍රයෙකුගේ ඇඟිලි පුරුකක් හමු වු අතර ඒ පිළිබඳ ව තොරතුරු 2005 දී දිංගප්පුරුවේ රැෆල්ස් (Raffels) නම් විද්‍යාත්මක ප්‍රකාශනයේ පළ විනි. මින් හමු වු මානව ඇට සැකිළි අදැන් වසර 18000 කට පැරණී බව ආචාර්ය දැරණියගල මහතාගේ අදහසයි. අස්ථි උපයෝගී කරගෙන තැනු මෙවලම් ද වේ. ශිලා ‍මෙවලම් දප්‍රමාළණලයන් සෙන්ටිදීටර 5ත් අඩු ප්‍රමාණයේ ඉතා පකුඩා වේ. ඒවා පොදුවේ ජ්‍යාමිතික ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් (geometic microlithics) නමිනි. තිරුවානා කහඳ මෙවලම් බෝල ,ගල් වෙරළු , සතුන් අතර ගස් බෙල්ලන් , මුහුදු බෙල්ලන්, වල් ඌරන්, මීමින්නන් ද වේ.


කාර්යය අනුව

මෙයට අමතරව අපට මෙම පුරාවස්තු,

  • දේශපාලනිකව
  • ආර්ථික
  • ආගමිකව හා
  • සංස්කෘතිකව ද වර්ග කළ හැකිය

Comments

Popular posts from this blog

VOC Coins (ලන්දේසි යුගයේදී භාවිතා කළ කාසි)

සිංහලේ රාජාවලිය

Facebook ? Metaverse යනු කුමක්ද සහ Facebook/ Meta එය අන්තර්ජාලයේ අනාගතය යැයි සිතන්නේ ඇයි?